Saturday, May 4, 2024

General line - 0115112241

හංවැල්ල ද්විත්ව ඝාතනයට "අංගොඩ ලොක්කා" ගේ තිදෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




හංවැල්ල, පහතගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන "අංගොඩ ලොක්කා" ගේ කණ්ඩායමට සම්බන්ධ පාතාල සමාජිකයින් තිදෙනෙක් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉකුත් 25 වෙනිදා රාත්‍රියේදී හංවැල්ල, පහතගම රෝමානු කතෝලික පාසල අසල පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි නාදුනන තුවක්කුකරුවන් ඔහුගේ බිරිඳ බියවදදා ඇගේ සැමියාට නිවසට එන්නැයි දන්වා අදාළ ව්‍යාපාරිකයාට සහ ඔහුගේ රියදුරුට වෙඩි තබා ඝාතනය කර තිබුනා.

එම වෙඩි ප්‍රහාරයෙන් 43 හැවිරිදි වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් නොහොත් සුමේද නැමැති ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරු වන 32 හැවිරිදි මුරුත්තෙට්ටුව ගමලජ්ජලාගේ රවිදු යන අය මියගියා.