Saturday, May 4, 2024

General line - 0115112241

අමාත්‍ය රවිට CIDය හමුවේ පෙනී ඉන්නැයි අධිකරණය දැනුම් දෙයි

අධිකරණ වාර්තාකරු




අමාත්‍ය රවී කරුණානායකට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝගයක් නිකුත් කළා .

ඒ 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් සිදු කරන මහේස්ත්‍රාත් පරීක්ෂණයට අනූවයි.

මෙම සිද්ධියට අදාලව අමාත්‍ය රවී කරුණානායක ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සදහා නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.