Saturday, May 4, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිවරයාට සම්මානයක් 




ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 2012-2017 පණ්ඩිතෝපාධි පිරිනැමීම සඳහා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ අද (29) සවස පැවති උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් වෙත  “විද්වද්ජන ප්‍රසාදක” සම්මාන උපාධිය පිරිනමනු ලැබුවා.

මෙම සම්මාන උපාධිය අමාත්‍යවරයා වෙත පිරිනමා ඇත්තේ තිර අදිටනින් හා කැප වීමෙන් දැන උගත් දූ පුතුන් සමාජගත කරනු පිණිස සිදු කරන මෙහෙවර අගය කරනු පිණිසයි.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මෙ‍ම උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා.