Sunday, May 5, 2024

General line - 0115112241

ජාතික පැරා මලල කී‍්‍රඩා තරගාවලියට සියල්ල සුදානම්




ජාතික පැරා මලල කී‍්‍රඩා තරගාවලිය ලබන 05 වනදා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා. 

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල කී‍්‍රඩා තරගාවලිය සදහා සුදුස්සන් තෝරා ගැනෙන තරගාවලියක් ලෙස ද මෙය වැදගත් වන බවයි ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි පැවසුවේ.

ජාතික පැරා මලල කී‍්‍රඩා තරගාවලිය සදහා මෙවරද ඩයලොග් ආසියාටා සමාගම අනුග‍්‍රහය ලබා දෙනවා.