Sunday, May 5, 2024

General line - 0115112241

කොළඹ කුණු රැගෙන ගිය ලොරිවලට වනාතවිල්ලුවේදී අදත් ගල් ප්‍රහාරයක්

ඩිල්ෂාන් මඩවල




කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය දක්වා කසල ප්‍රවාහනය කළ ලොරි රථ පෙළකට අද අලුයම ද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, වනාතවිල්ලුව ප්‍රදේශයේදී. කසල ප්‍රවාහන කෙරෙන එම ලොරි රථවලට ආරක්ෂාව ලබා දී තිබියදීත් මෙලෙස ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධියෙන් එක් ලොරි රථයකට හානි සිදුව තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. 

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කළ ලොරි රථ පෙළකට මීට පෙර  ද ගල් ප්‍රහාර එල්ල වුණා. ඉන් පසුවයි අදාළ ලොරිරථ සඳහා ආරක්ෂාව සැපයීමට තීරණය කෙරුණේ.