Sunday, May 5, 2024

General line - 0115112241

පාසල් වියේ දරුවන් කොටසක්ද දුම්පානයට ඇබ්බැහි වෙලා

ලහිරු කපුගේ




මෙරට දුම්වැටි භාවිතය වාර්තාගත ලෙස අඩු වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදු කළ සමීක්ෂණයකින්. එහි මානව සංවර්ධන සහ පරිපාලන අංශයේ අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් ප‍්‍රකාශ කළේ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය වෙනුවෙන් මෙරට පුද්ගලයින් දෛනිකව විශාල මුදලක් වැය කරන බවයි.

පාසල් වියේ දරුවන්ගෙන් පිරිසක් ද දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී සිටීම  අභාග්‍ය සම්පන්න සිද්ධියක් බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ. 

දුම්වැටි භාවිතය තවදුරටත් අවම කිරීම සඳහා වැඩසටහන් රැසක් දියත් කරමින් ඇති බවද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.