Thursday, May 16, 2024

General line - 0115112241

තමන්ට එල්ල වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත චෝදනාවට සජිත්ගෙන් පිළිතුරු

‍රවීන්ද්‍ර චන්ද්‍රලාල්/ මහේෂ් චතුරංග




මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කළ බවට තමන්ට එල්ල කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ගාල්ල, විද්‍යාලෝක පිිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ජනතාවට වැඩිම සේවයක් ඉටුකළ රාජ්‍ය නායකයාවීම සිය අපේක්‍ෂාව වන බවද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහිදී කියාසිටියා.