Friday, May 10, 2024

General line - 0115112241

බෝරා සමුළුව ගැන බෝරා පූජාවේ නියෝජිත ඉම්රාන් ෆකුර්දීන් පැහැදිළි කරයි

ලහිරු කපුගේ




බෝරා සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින 23,000 කට අධික බෝරාවරුන් වෙනුවෙන් විශේෂ සංචාරක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මෙවැනි සංචාරක පිරිසක් පැමිණි කාලවකවානුවක පාස්කු ප‍්‍රහාරයෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට ගෙන ඇති පියවරයන් කවරේද යන්න නෙත් නිවුස් කළ අනාවරණයත් සමගයි.

සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී සඳහන් කෙරුණේ අප රට කෙරෙහි තියෙන විශ්වාසය සහ ප්‍රසිද්ධිය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට විශාල සහයක් වී ඇති බවයි. 

කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව සම්බන්ධයෙන් මෙරට බෝරා පූජාවේ නියෝජිත ඉම්රාන් ෆකුර්දීන් අදහස් පළ කරමින් සඳහන් කළේ "අපේ ආගමේ අන්තවාදය කියලා දෙයක් නෑ.. එහෙම හිතීමක්වත් නෑ. රටට අපි කොහොමද උදව් වෙන්න ඕනේ, අනෙක් ජාතීන් සමග කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියන දේවල් බලාපොරොත්තුවෙන් තමයි මෙම සමුළුව තියෙන්නෙ." යනුවෙනි.