Friday, May 10, 2024

General line - 0115112241

ප‍්‍රධාන ජේලර් ඝාතන සිද්ධියට සොයමින් සිටි සැකකරුවෙකු කොටු




වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර් තිලිණ නුවන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීසීටීවී කැමරා දර්ශන හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඉකුත් අගෝස්තු මස 03 වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 12 ක් සහිත මැගසිනයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. ඝාතනයට යොදා ගැනුණු යතුරු පැදිය ද මෙහිදි සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.