Friday, May 10, 2024

General line - 0115112241

මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක වැඩිදුර කරුණු විමසයි

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා.


එහිදී මෙම සිද්ධියට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සිය වාචික දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ප්‍රමුඛ  ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණා.