Friday, May 10, 2024

General line - 0115112241

කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින්ට කැඳවීමක්

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් අද (03) පස්වරුවේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ 2016 වසරේ මූල්‍ය වාර්තාවල ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් විමසීමට එම නිලධාරීන් එලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා නෙත් ස්පෝට්ස්මන් වෙත සඳහන් කළේ තමන් ඇතුළු විධායක කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකු අද දිනයේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටින බවයි. 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික‍්‍රමරත්න, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගීවීම හේතුවෙන් කෝප් කමිටුව හමුවේ අද පෙනී නොසිටින බව ද මොහාන් ද සිල්වා ප‍්‍රකාශ කළා. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්තිගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව අද පස්වරු 02.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.