Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරයේදී දෙරට අතර වීසා නිකුත් කිරීම පහසු කිරීම, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය යන ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් 04 කට එළඹ තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ඒ අනුව මීට පෙර පැවැති ගුවන් තොටුපළේදී වීසා ලබාගැනීමේ පහසුකම තවදුරටත් කි‍්‍රයාත්මක කෙරෙන අතර දින 90 ක වීසා පහසුකම් නොමිලේ ලබා ගැනීමට දෙරටේ පුරවැසියන්ට තවදුරටත් අවස්ථාව හිමිවන බවයි.

එමෙන්ම දෙරට අතර ව්‍යාපාරික හෝ ආයෝජන කටයුතුවල නිරත වීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට අනේවාසික වීසා පහසුකම් ලබා ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමිවනවා.

මෙම ගිවිසුම යටතේ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන මාලදිවයින් සිසුන්ට, ඔවුන්ගේ මව්පියන්ට සහ එම සිසුන් අවුරුදු 18 ට අඩු බාලවයස්කරුවන් වන්නේ නම් ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ට වීසා පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇති.