Friday, May 10, 2024

General line - 0115112241

2015 න් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත් ලබාදී නොමැති බව මුදල් අමාත්‍යාංශය කියයි




වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර නිකුත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටල්වලට 2015 වසරෙන් පසුව බලපත්‍ර නිකුත් කළද වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට එම බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ බලපත්‍රලාභී සුරාසැල් 4,910 ක් පවතින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.