Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු රැසක් සාකච්ඡා කෙරෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ද අදහස් විමසා බැලෙනු ඇති. 

මේනවවිට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වමින් ලිපියකට අත්සන් ලබා ගැනිමේ වැඩපිළිවෙළක් ද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් විසින් ආරම්භ කර තිබෙනවා.