Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවේ අමාත්‍යවරුන් නොමැති වීමෙන් පාර්ලිමේන්තුව අදත් කල්තැබේ

කසුන් කැලුම්




පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට තරම් ප‍්‍රමාණවත් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවක් සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 17 වනදා දක්වා අද කල් දැමුණා. විපක්ෂය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ප‍්‍රමාණවත් අමාත්‍යවරුන් පිරිසක් සභා ගර්භයේ නොසීටීම හේතුවෙන් ඊයේ දිනයේ ද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න අතර අද පාර්ලිමේන්තුවේදී ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ද මෙම සංවාදයට එක්වුණා.

මේ අතර පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සඳහා වියදම් වන මුදල් පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද ඉල්ලීමක් කළා. පළමුව මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර්.