Saturday, May 4, 2024

General line - 0115112241

රොබට් මුගාබේ මිය යයි

පවිත්‍රා මදුහර්ෂණි




සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප‍්‍රාප්ත වුණා. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 95 ක්. 

සිම්බාබ්වේ නිදහස් රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට පාලන බලය මෙහෙයවූ පළමු ජනාධිපතිවරයා වන්නේද රොබට් මුගාබේයි. කලක් රෝගාතුරව සිටි මුගාබේ, මියගියේ ද සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. නිදහසින් පසුව සිම්බාබ්වේ රාජ්‍යය තුළ පැවැති පළමු ඡන්ද විමසීමෙන් එරට අග‍්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වූ මුගාබේ, 1987 වසරේදී සිය අග‍්‍රාමාත්‍ය කාර්යාලය අහෝසි කොට එරට ජනාධිපතිවරයා බවට පත්වුණා. 

දශක 03කට අධික කාලයක් අඛණ්ඩව සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වය දුන් මුගාබේගේ පාලනය නිමා කෙරුණේ 2017 වසරේ සිදු කළ හමුදා කුමන්ත‍්‍රණයකින්. ඒ වනවිට මූල්‍ය දූෂණ චෝදනා මෙන්ම බලය අනිසි ලෙස භාවිතය යන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මුගාබේට මෙන්ම ඔහුගේ බිරිඳ හට ද චෝදනා එල්ල වුණා. 

කෙසේවෙතත් රොබට් මුගාබේගේ මරණය සම්බන්ධයෙන් සිම්බාබේවේ වත්මන් ජනාධිපති එමසන් මන්ගග්වා සිය ශෝකය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ මුගාබේ යනු සිම්බාබ්වේ රාජ්‍යයේ පියා මෙන්ම එරට නිදහසේ ප‍්‍රතිමූර්තියක් බවයි.