Sunday, May 5, 2024

General line - 0115112241

තිරිඟු පිටි මිල ගැටලුවක් වෙයි - වෙළඳසැල් වටලන්න පාරිභෝගික කටයුතු අධිකාරිය සැරසේ




පාලන මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරණ වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය සඳහන් කරනවා.

අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවරයන් අනුගමනය කරන බවයි පෙන්වා දෙන්නේ.

තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම අද තීරණය කළා. 

ඒ අනුව තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන ලෙසයි එම සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූ පී‍්‍රමා පිටි අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණේ.