Sunday, May 5, 2024

General line - 0115112241

තංගල්ලට අද ඉර මුදුන් වේ

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩගෙන්.

මාගාල්ල, තෙලිජ්ජවිල, යටියන, වලකන්ද, කුඹල්දෙණිය සහ තංගල්ල යන ප‍්‍රදේශවලට ඉතා ආසන්නව අද මධ්‍යහ්නයේ හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 27 වන දින සිට අද දිනය දක්වා, ශී‍්‍ර ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා.