Sunday, May 5, 2024

General line - 0115112241

කසල තේ කිලෝ 3,000 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට




කසල තේ කිලෝ 3,076 ක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අලූත්ගම කදවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ, අලූත්ගම පොලිස් ස්ථානය ආසන්නයේ සිදුකළ වැටලීමකදීයි. 

එම කසල තේ තොගය මලූ 95ක අසුරා ලොරි රථයක් මගින් ප‍්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. එම තේ තොගය ප‍්‍රවාහනය සදහා ලබාදී තිබූ බව කියන ව්‍යාජ බලපත‍්‍රයක්ද එහිදී සොයාගෙන තිබෙනවා.