Sunday, May 5, 2024

General line - 0115112241

ගංජා මිශ්‍ර මාවා කිලෝ 40 ක් සමග මල්වානේදී සැකකරුවෙකු අත්අඩංගුවට




ගංජා මිශ්‍ර මාවා කිලෝ 40 යි ග්‍රැම් 500 ක් සන්තකව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බියගම, මල්වාන, වල්ගම ප්‍රදේශයේදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරු වැඩිදුර විමර්ශන සදහා බියගම පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.