Sunday, May 5, 2024

General line - 0115112241

කැලණිය සහ ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්




සැප්තැම්බර් 10 වෙනි අඟහරුවාඩා උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.

වත්තල, මාබෝල, ජාඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.