Sunday, April 28, 2024

General line - 0115112241

නුසුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් තීරණයක් ගන්නා බව මනෝ කියයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්‍ෂ තනි කැමැත්ත අනුව ජනතාව ඉල්ලන ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට පියවර නොගතහොත් සිය පෙරමුණටද ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව දෙමළ ප‍්‍රගතශීලි සන්ධානය පවසනවා.

එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ "ආණ්ඩුවක් හැටියට අපි එකට වැඩ කරනවා. ආණ්ඩුව අමාරුවේ වැටුණු වෙලාවේ එකට සටන් කරලා ආණ්ඩුව බේර ගන්නවා. එහෙනම් මේ ජයග්‍රාහි අපේක්ෂකයෙක් තෝරන වෙලාවේ අපිටත් කොටසක් තියෙන බව අපි දැනගෙනයි ඉන්නේ. නමුත් සදාචාරකම නිසා අපි එක්සත් ජාතික පක්ෂයට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක ඔවුන් තේරුම්ගත යුතුයි." යනුවෙනි.