Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ඉතාලියට විශිෂ්ඨ ජයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැති තවත් තරගයකින් ඉතාලි කණ්ඩායම විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා. ඒ, නැමීබියාවට එරෙහිවයි. ලකුණු 47 - 22 ක් ලෙස ඉතාලියට ජයගෙන දෙමින් අවසන් ලකුණු පුවරුව සටහන් වුණා.

තරගය පැවැත්වුණේ බී කාණ්ඩය යටතේයි. මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්තය ද අභිබවා යමින් බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉතාලිය සමත්වුණා. අයර්ලන්තය සහ සි්කොට්ලන්තය අතර තරගය දැන් පැවැත්වෙනවා.