Sunday, April 28, 2024

General line - 0115112241

උතුරේ නීතිඥවරු සේවාවලින් ඉවත්ව ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි බල කරයි

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද (24) දිනයේ සියළු සේවා කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරත වනවා.

ඒ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින්.

අපවත්වී වදාළ මුලතිව්, නයාරු, ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ඊයේ (23) පස්වරුවේ එම විහාරස්ථාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, අධිකරණය ලබාදුන් නියෝගයද නොතකමින්. මුලිතිව් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් ඊයේ නියෝග කළේ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලෙයාර් ඝණ දෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු වෙරළ සීමාවේ සිදුකරන ලෙසයි.

එහෙත් එම නියෝගය නොතකමින් ආදාහන පූජෝත්සවය එම විහාරස්ථාන භූමියේදී පූජ්‍ය මේධාලංකාරකිත්ති නාහිමියන් නියෝජනය කළ සංඝ සභාවේ තීරණයකට අනුව සිදු කෙරුණු අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද ඊට එක්ව සිටියා.