Sunday, April 28, 2024

General line - 0115112241

පොත් ගන්න වැසි නොතකමින් අදත් විශාල පිරිසක් එක්වෙයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




21 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 5 වන දිනය අදයි.

අද (24) පෙරවරුවේද වැසි නොතකමින් ප‍්‍රදර්ශනය නැරඹීමට  කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයට බොහෝ පිරිසක් පැමිණි බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ. 

අවශ්‍යතා සහිත පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් පොත් කැටයක් ද සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ‍්‍රයේ පිහිටි නෙත් එෆ්. එම්. කුටියේ ස්ථාපිත කර තිබෙනවා.

ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලූදෙනාට ඒ සඳහා පොත් පරිත්‍යාග කළ හැකියි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙවර ද ඊට නිල මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.