Sunday, April 28, 2024

General line - 0115112241

අවසන් කටයුතු කරන්න තියෙන අයිතියටත් සටන් කරන්න වී ඇති බව තිලංග කියයි

කසුන් කැලුම්




 මුලතිව්, නයාරු, ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබද මතු වූ අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල ද අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "අද අපේ රටේ සිංහලයෙක්.. බෞද්ධයෙක් වෙලා ඉපදිලා.. මේ භූමියේම මිහිදන් වෙන්න..අවසන් කටයුතු කරන්නට තියෙන අයිතියටත් සටන් කරන්න වෙලා තියෙන තත්ත්වයක් තියෙන්නේ." යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෑතකදී ස්ථාන මාරුවකින් එම ප්‍රදේශයේ පොලිසියට ගිය ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය උසාවිය දක්වා රැගෙන ගොස් ඇති බවයි. සිය පාර්ශ්වයට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රදේශයේ මෙම ආදාහන කටයුතු සිදු කිරීමෙන් සිවිල් ජනතාවට අපහසුතාවයක් සිදුවෙන බවට කිසිම කෝවිලකින් හෝ ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවද සඳහන් කළා.