Thursday, February 13, 2025

General line - 0115112241

දිය ඇල්ලකින් ඇද වැටී අලින් 06ක් මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ පිහිටි දියඇල්ලකින් වැටී අලි ඇතුන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට කාඕයායි ජාතික වනෝද්‍යානය තුළ පිහිටි “හෙල්ස් ෆෝල්” නමැති දියඇල්ලකින් මෙම සතුන් පහළට ඇද වැටී ඇති බවයි. 

කුඩා පැටවෙකු දිය ඇල්ලේ දියපහරට ගසාගෙන ගොස් ඇති අතර එම පැටවා මුදා ගැනීමට තවත් අලි ඇතුන් කිහිපදෙනෙකු උත්සහ කර තිබෙනවා. එහිදී එම අලි පිරිසෙන් 06 දෙනෙකු ජලපහරේ ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බෑවුම් සහිත ස්ථානයක සිරවී සිටි තවත් අලින් දෙදෙනෙකු බලධාරීන් විසින් මුදාගෙන තිබුණා. 

කෙසේවෙතත් හෙල්ස් ෆෝල් දියඇල්ල ආශ්‍රිත කලාපයෙන් මීට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 1992 වසරේදීද මෙම දියඇල්ලෙන් ඇදවැටී අලි ඇතුන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.