Thursday, February 13, 2025

General line - 0115112241

ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ මීට වඩා වගකීමෙන් ප්‍රකාශ කළ යුතු බව - නාමල් රාජපක්ෂ කියයි




ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ මීට වඩා වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

ඒ,  ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට දිනයේ සිදු කරන විදුලි කප්පාදුව පිළිබඳ හෙට උදෑසන තීරණයක් ගන්නා බවයි. 

බොහෝ දුරට විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එය සිදු වන්නේ පස්වරුවේ බැවින් හෙට උදෑසන විදුලි කප්පාදුකරන වේලාවන් පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්කළේ. 

විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් පොහොය දිනය වන අද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර තිබුණේ.