Thursday, February 13, 2025

General line - 0115112241

පොහොට්ටුව වෙනස් නොවන බවට මහින්දගෙන් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




පොහොට්ටුවේ ලකුණ කිසි ලෙසකින් හෝ වෙනස් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අද (06) පිළිතුරු ලබාදෙමින්.

දැන් එක පාරක් ඇප බැදලා තියෙද්දී ආයේ ඒ ලකුණ වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද එහෙම උනොත් ඒක උසාවි යන්න වෙන වැඩක්. මේ ආණ්ඩුව හදන්නෙම අපිව උසාවි අරන් යන්න. පොහොට්ටුව කියන්නේ වාසනාවන්ත ලකුණක්. ඒ වගේමයි අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාත් අපිට සහය දක්වයි කියලා, විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර ඊයේ (05)  පැවති උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සියයට 65 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන විශිෂ්ට ජයක් අත්කර ගන්නා බවයි.

මේ අතර රට ගොඩනැගීමට හා රට ආරක්ෂා කළ හැකි බවට ඔප්පු කර පෙන්වූ ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ද ඉතා පැහැදිලි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.