ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිවැරදිම තීන්දුව ගන්නා බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට, පක්ෂයක් ලෙස සහයෝගය ලබාදිය යුතු බවට වූ මතයේ තමන් තවදුරටත් සිටින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විකල්ප සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්.