ඉදිරියේදී ගොවීන් වෙනුවෙන් නව ප්‍රඥප්තියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ගොවියාට උපරිම සහන ලබාදීම සිය ප්‍රතිපත්තිය බවයි.
මම ඉදිරි සති කිහිපයේදී නව ගොවි ප්‍රඥප්තියක් සකසා එය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගොවීන්ගේ අදහස් ද විමසලා අවසානයේදී එයට ගොවින් සහ ජනාධිපතිවරයා වශයෙන් තමන් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ. එය ගොවින් හා ජනාධිපතිවරයා අතර ඇතිවන නෛතික ගිවිසුමක් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
තමාට ලැබුණු ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනය අමතමින්.