Thursday, February 13, 2025

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ සහයත් සජිත්ට බව සුජීව කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්




ඉන්දීය අගමැතිවරයාගේ සහය ද ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ අද ප්‍රකාශ කළා. ඒ, හැටන් නගරයේ පැවති රැස්වීමකට එක්වෙමින්. 

අවුරුදු 25ක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් නැහැ. කඳුකරයේ විතරක් නෙමෙයි රටේ කොතැනක වුවත් ඒ ජනතාව දුක් විදිනවා. දිගම්බරම් වගේ ඔබලාගේ නායකයින් මේ කඳුකරයේ ජනතාවට පර්චස් 07ක ඉඩමක ගෙයක් හදා ගන්න නිවාස 15000ක් හදලා දෙන්න ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. එතකොට ඉන්දියාවේ අගමැති මෝදී මහත්තයා කිව්වා හොරකම් නොකරන සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් මේ රටේ නායකයා වුනොත් තවත් නිවාස 50,000ක් හදන්න උදව් කරනවා කියලා.

මේ අතර, දමිල ප්‍රගතිශීලී සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සිය ප්‍රචාරක කටයුතු හැටන් නගරයෙන් අද (06) ආරම්භ කළා.