Sunday, May 12, 2024

General line - 0115112241

තරුණයෙක් ලිනක්ස් පරිගණක මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල ශබ්ද කෝෂයක තිබූ අඩුව සම්පූර්ණ කරයි




නව තාක්ෂණය භාවිත කිරීමේදී මතුවන ගැටලූවලට විසඳුම් සොයමින් තාක්ෂණය ජනතාවට සමීප කරවීමට දිවා - රෑ නොබලා වෙහෙසුණු තරුණයෙකු නෙත් නිවුස් අපට මුණ ගැසුණා.

ගොවි පවුලක පුතෙකු වන ඔහු තවමත් 20 වන වියේ පසුවන එම්. එම්. ශෂික දිල්හාරයි. 

බොහෝ දෙනෙකු භාවිත කරන වින්ඩෝස් මෙන් තවත් පරිගණක මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා ශෂික විසින් සිංහල ශබ්ද කෝෂයක් නිර්මාණය කරනු ලබන්නේ පළමු වරටයි.

ඒ, ලිනක්ස් පරිගණක මෙහෙයුම් පද්ධතිය තුළ සිංහල ශබ්ද කෝෂයක තිබූ අඩුව සම්පූර්ණ කරමින්. වසර දෙකහමාරක් පුරා බිඳ වැටෙමින්, අසාර්ථක වෙමින්, යළි - යළිත් නිර්මාණය කළ මෙම සිංහල ශබ්ද කෝෂය මේ වනවිට සාර්ථකව භාවිතයට ගැනෙන්නේ වචන දෙලක්ෂ පනස්දහසක තේරුම් ද සමගයි.

ඇඹිලිපිටියේ ශෂික දිල්හාර නෙත් නිවුස් වෙත සිය හඬ අවදි කරමින් ඒ පිළිබඳ පැහැදිළි කළා.

ඇඹිලිපිටිය තුංගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලැබෙන තෙක් ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ශෂික දිල්හාර මෙන් සැමගේ යහපත වෙනුවෙන් කටයුතු කරන මිනිසුන් වෙනුවෙන්, නෙත් එෆ් එම් සතුටු සඳුදා අදයි.