Friday, May 10, 2024

General line - 0115112241

ණය අර්බුදයෙන් ගොඩයන මග අනුර හෙළි කරයි




මෙරට ණය අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන්නේ ඵලදායි ව්‍යාපෘති සදහා නැවත ණය ලබාගැනීමෙන් පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා  පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද (21) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ණය ගන්න එක අපරාධයක් නෙමෙයි. අවශ්‍යතා දෙකක් වෙනුවෙන් අපි ණය ලබා ගන්න අපි සුදානම්. ඒ ප්‍රාග්ධන අවශ්‍යතා සහ තාක්ෂණය වෙනුවෙන්. ලොව හොදම ආදායමක් ලැබෙන්නේ මිනිරන් වලින්. ලංකාවේ හොදම මිනිරන් තිබෙනවා, නමුත් අපේ ළඟ නිසි තාක්ෂණය නොමැති කම නිසා අපි මිනිරන් කුට්ටි පිටින් විදෙස් රටවලට පටවන්නේ ඩොලර් 2000ක් වගේ මුදලකට. නමුත් නිසි තාක්ෂණය තිබෙනවානම් අපිට පුළුවන් ඒ මිනිරන් කිලෝවක් ඩොලර් 5000ක වගේ මුදලකට විදෙස් රටකට අලෙවි කරන්න. මේ වගේ තාක්ෂණය ලගා කර ගන්න අපි ණය ලබා ගන්න සුදානම්, ඒ කර්මාන්ත විතරක් නෙමෙයි තවත් කේෂ්ත්‍ර ගණනාවක් වෙනුවෙන් තාක්ෂණික සහය වැඩිදියුණු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්, අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.