Friday, May 10, 2024

General line - 0115112241

ජනපති ජපානයට ලඟා වෙයි : ජපන් අධිරාජ්‍යාගේ අභිෂේක මංගල්‍ය උත්සවයට හෙට සහභාගිවෙයි




ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ළගා වුණා. ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එහිදී පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය  අංශය සදහන් කළේ.

එම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ඇතුළු එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේ එරට අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගිවීම සදහායි. ලෝක නායකයින් රැසක් සහභාගි වන එම අභිෂේක මංගල්‍යය හෙට (22) දහවල් ටෝකියෝ අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මේ අතර මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවීමටද නියමිතයි.