ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් එල්ල කරනු ලැබු ප්‍රහාරය බවට විශ්වාස කරන විඩියෝවක් මේ වන විදෙස් මාධ්‍ය ඔස්සේ නිකුත් වි තිබෙනවා.
වයඹ දිග සිරියාවේ තුර්කි දේශ සිමාවට ආසන්නයේ පිහිටි ඉඩ්ලිබ් ප්‍රදේශයේදී අමෙරිකානු යුධ හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ විශේෂ බලකායේ සෙබළුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුනේ ඊයේ (26) රාත්රියේදී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම ප්‍රහාරයෙන් ISIS නායකයා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ISIS නායකයා මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මිට දින දෙකකට පමණ පෙර බවයි තුර්කි බලධාරින් සදහන් කර සිටියේ.
අමෙරිකානු ප්‍රහාරය එල්ල වු අවස්ථාවේදී ISIS නායකයා සමග ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන්ද ඔහු සමග සිටිය බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය එල්ල විමත් සමග තමන්ව ජීවග්‍රහණයෙන් අල්ලා ගනිවී යන සැකය මත IS නායකයා සහ ඔහුගේ බිරියන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බ කට්ටල පුපුරුවා ගනිමින් සියදිවි හානිකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම ප්‍රහාරය සදහා අමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA), කුර්දි සටන්කාමින් මෙන්ම තුර්කී බලධාරින්ගේ සහය අමෙරිකාවට හිමිවු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
ISIS නායකයා මරා දමනු ලබන ඕනෑම අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 25ක් ලබා දෙන බව මිට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.