Thursday, May 2, 2024

General line - 0115112241

සුර්ජිත් ගලවා ගැනීමේ මෙහෙයුම නරඹමින් සිටි යුවලකගේ දරුවෙක් දියේ ගිලි මරුට




ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බවයි තමිල්නාඩු පොලීසිය පැවසුවේ. 

ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී ඇගේ මව සහ පියා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම නරඹා තිබෙනවා. පසුව සිය දරුවා සිහිවී ඇය සෙවීමේදී දැරිය බේසම තුළට වැටී සිටි බවයි ඔවුන් දැක ඇත්තේ. දැරිය කඩිනමින් රෝහල්ගත කිරීමට මව්පියන් කටයුතු කළද ඒ වනවිටත් ඇය මියගොස් තිබුණා.