Saturday, May 4, 2024

General line - 0115112241

දේශපාලන වාසි තකා ළමුන් ඇතුලත් කර ගැනීමේ චෝදනාවට අධ්‍යාපන ඇමතිගෙන් පිළිතුරු




දේශපාලන වාසි අපේක්ෂාවෙන් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණීවලට සිසුන් 48,000 ක් ඇතුළත් කර ගෙන ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ අතරමැදි ශ්‍රේණිවල පැවැති සිසු පුරප්පාඩු පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන් ලද සංඛ්‍යා ලේඛණ මත නිවැරදි ක්‍රමවේදයට එම පුරප්පාඩු සම්පූර්ණ කර ඇති බවයි. විදුහල්පතිවරුන්ගේ වාර්තා අනුව පුරප්පාඩු 44, 568 ක් සඳහා ජාතික පාසල් වෙත අයදුම් කිරීමේ අවස්ථාව සලසා දුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.