Saturday, May 4, 2024

General line - 0115112241

වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි




රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගේ  පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සදහන් කර සිටිනවා.

එමෙන්ම වසන්ත සේනානායක දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් මන්ත්‍රිවරයාට දන්වා යවා ඇත්තේ.

පසුගිය කාලය පුරාම පක්ෂ මාරුකරමින් ප්‍රතිපත්ති පවා දෙමින් ඔහු සිදුකළ දේශපාලන භාවිතය සහ විනය කඩකිරීම් මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කර සිටියේ.