Saturday, May 4, 2024

General line - 0115112241

රට පුරා පවතින ගෑස් හිඟය අවසන් වෙන දිනය කියයි




රට පුරා පවතින ගෑස් හිඟය ලබන සෙනසුරාදා වනවිට අවසන් වනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ගෑස් සමාගම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පැවැත්වුණා.

එහිදී අදාළ සමාගම් එකඟ වී ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ රට පුරා ගෑස් බෙදාහැරීම කඩිනම් කිරීමටයි. ගෑස් තොග මේ වනවිටත් අදාළ සමාගම් වෙත ලැබෙමින් ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.

ඒ අනුව ඉදිරි මාස තුනහමාරකට පමණ අවශ්‍ය ගෑස් තොග පවත්වාගෙන යා හැකි බවත්, ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර වැඩිමිලට ගෑස් අලෙවි කළ සහ ගෑස් සඟවා තැබූ වෙළෙදුන් 31 දෙනෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරීය වැඩිදුරටත් සඳහන් කළේ.