Sunday, April 28, 2024

General line - 0115112241

පැෆරල් සංවිධානයට මැතිවරණ පැමිණිලි 325 ක්




ගත වූ දින 35 තුළදී පැෆරල් සංවිධානයට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 325 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් සිද්ධීන් 24 ක් බරපතල ගණයේ ඒවා බවයි එම සංවිධානය පැවසුවේ. බරපතල ගණයේ පහරදීම් 3 ක් ඇතුළු පහරදීමේ සිද්ධීන් 11 ක් ද ලැබී ඇති බව එම සංවිධානය සදහන් කළා.

ලැබුණු පැමිණිලි අතරින් බොහොමයක් ඒවා රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධීන් බවයි පැෆරල් සංවිධානය පැවසුවේ. එවැනි සිද්ධීන් 109 ක් සිය සංවිධානය වෙත ලැබී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.