Monday, April 29, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඇහැලියගොඩදී පොලිස් දැලේ




ඇහැළියගොඩ, තලාවිටිය ප‍්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරුවන් දෙදෙනා විසින් ඉකුත් මස පළමු වනදා තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකර තිබුණා. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් ගල්නෑව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 24 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.