Monday, April 29, 2024

General line - 0115112241

එක්සත් ජාතික පෙරමුණේ අරමුණ සජිත් පහදයි




එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්‍ෂ සහ සිවිල් සංවිධාන අද පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදියි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙන්ම සන්ධානගතව සිටින පක්‍ෂවල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණා. 

මෙම අවස්ථාවට අපි ශී‍්‍ර ලංකා කඳවුර නියෝජනය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියද එක්ව සිටියා.

ජාතික හෙළ උරුමය, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, දෙමළ ප‍්‍රගතශිලි සන්ධානය ඇතුළු පක්‍ෂද අද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අපි ශී‍්‍ර ලංකා කදවුර නියෝජනය කරමින් ඊට අත්සන් තැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංගයි. 

මේ, එහිදී අද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුනු පක්‍ෂ සහ සිවිල් සංවිධානවල අරමුණු පැහැදිලි කළ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.

මේ, එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.