Saturday, May 4, 2024

General line - 0115112241

දිළිඳුකම තුරන් කිරීම ප්‍රමුඛ අරමුණයි : ජවිපෙ නායකයා කියයි




දිළිදුකම මෙරටින් තුරන් කිරීම සිය ප්‍රමුඛ අරමුණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මැණික්හින්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

" මැතිවරණ වේදිකාව දිහා බැලුවම හරියට නත්තල් වගේ. අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා, එයාලා ගොවියන් ලඟට ගිහිල්ලා කියනවා පොහොර ටික නිකම් දෙනවා, ළමුන් ලඟට ගියාම කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ඒ වගේම සරසවි සිසුන් ඉන්න තැනට ගියාම කියනවා හොද රැකියාවන් දෙනවා කියලා. මෙච්චර කල් ආණ්ඩු කලේ අපිද? ඒ අපේක්ෂකයින් බලන්නේ දුප්පත්කම විකුණගෙන කන්නයි. ඒත් අපේ බලාපොරොත්තුව මේ රටේ දුප්පත්කම නැති කරන එකයි. අපි මේ රට හදනවා" ඔහු මෙහිදී කියා සිටියා.