Saturday, May 4, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 2,500 ඉක්මවයි




ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,540 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊයේ පස්වරු 4 න් අවසන් වූ පැය 24 තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 147 ක්. ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් සහ නීති උල්ලංඝණය කිරීම් පිළිබද පැමිණිලි 144 ක් ඒ අතර වනවා.

ඉකුත් මස 8 වනදා සිට මේ දක්වා ලැබී ඇති පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 23 ක් සහ නීති උල්ලංඝණය කිරීම් පිළිබද පැමිණිලි 2,425 ක් වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. වෙනත් පැමිණිලි 92 ක් ද එම කාලසීමාව තුළ මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙනවා.