Thursday, May 2, 2024

General line - 0115112241

ළමා පාපන්දු කණ්ඩායම සිරවූ ගුහාව සංචාරකයින් සඳහා පළමුවරට විවෘත කෙරේ




තායිලන්තයේ, Tham Luang ගුහාව සංචාරකයින් වෙත විවෘත කර තිබෙනවා. Tham Luang ගුහාව ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියට පත්වූයේ තායිලන්තයේ ළමා පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් සිය පුහුණුකරු ද සමගින් දින 17 ක් පුරා මෙම ගුහාව තුළ සිරවී සිටීම හේතුවෙන්.

රටවල් රැසකින් ලද සහයෝගය හමුවේ අවධානම්කාරී මුදා ගැනීමේ මෙහෙයුමකින් පසු එම ළමුන් පිරිස මුදා ගැනීමට තායිලන්ත බලධාරීන් කටයුතු කළා. 

ඉකුත් වසරේ ජූනි මස සිදුවූ මෙම සිදුවීමෙන් පසුව බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනාගත් Tham Luang ගුහාව සංචාරකයින් සඳහා විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

ළමුන් පිරිස මුදා ගැනීමෙන් අනතුරුව ගුහාව නැරඹීමට මිලියනයකට අධික පිරිසක් පැමිණ තිබුණත් ඒ තුළට පිවිසීමට ඔවුන්ට අවසර හිමිවුණේ නැහැ. එහෙත්, ඉකුත් සිකුරාදා සිට Tham Luang ගුහාවට ඇතුළුවීමට සංචාරකයින් හට අවස්ථාව සලසා දී තිබෙනවා.