Wednesday, May 1, 2024

General line - 0115112241

ටජ්මහලේ සිටි පිඹුරෙකු සොයා ගැනේ




ඉන්දියාවේ, ටජ් මහල් ප්‍රාසාදයේ බටහිර රථගාල තුළ සිටි අඩි 09 ක් පමණ ද දිගකින් යුත් පිඹුරෙකු සොයා ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ ටජ්මහල නැරඹීම සඳහා පැමිණි දේශීය සංචාරකයින් පිරිසක් විසින් සොයා ගැනුණු මෙම පිඹුරා පසුව වනජීවී නිලධාරීන් වෙත භාර දී ඇති බවයි.

පිඹුරා අල්ලා ගන්නා තෙක් ඒ අවට සිටි පිරිස් ඉවත් කළ පසු යළි සිදු කළ සෝදිසියකින් අනතුරුව අදාළ ප්‍රදේශය මහජනයා සඳහා විවෘත කළ බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ.