Sunday, April 28, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් පසු බේකරි හිමියන්ට ගෑස්




රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන් වැසීයාමේ අවදානමකට ලක්ව ඇති බේකරි වෙත සහනයක් සැලසීමට ලිට්‍රෝ සමාගම ඉදිරිපත්ව සිටිනවා.

ඒ, නෙත් නිවුස් මීට පෙර සිදු කළ අනාවරණයෙන් පසුවයි. එහිදී නෙත් නිවුස් අනාවරණ කළේ රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 800 ක් පමණ වසා දැමීමට සිදුවන තත්ත්වයක් මතුව ඇති බවයි.

එම අනාවරණයෙන් පසු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තම සංගමය ඇමතූ බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ. 

ලිට්‍රෝ සමාගමේ අලෙවි, වෙළඳ සහ ආයතනික සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනක පතිරත්න ද නෙත් නිවුස් වෙත ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

කෙසේවෙතත්, ප‍්‍රදේශ රැසක ජනතාව තවදුරටත් ගෑස් නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ රටපුරා පවතින ගෑස් හිඟය ඉදිරි දින 03 ඇතුළත සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි. සිය බෙදාහැරීමේ ධාරිතාව ද වැඩිකර ඇති බවයි ලාෆ්ස් සමාගම ද ප‍්‍රකාශ කළේ.