Sunday, April 28, 2024

General line - 0115112241

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු  සහ අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර නොවැම්බර් මස 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළා.

ඒ, සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

නීතිපතිවරයා ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැරීමට අධිකරණය මීට පෙර කළ නියෝගය අත්හිටුවා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ඉකුත් ඔක්තෝබර් මස 9 වනදායි.