Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බ ප‍්‍රහාරයක් ගැන එරාන්ගේ ලිපිය ගෝඨාභයගේ ජය වැළැක්වීමේ තැතක් - පොහොට්ටුව මැතිවරණ කොමිසමට ලියයි




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ පිපුරුමක් සැලසුම් කරමින් සිිටින බවට, ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මැතිවරණ කොමිසම වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ද අද ප‍්‍රතිචාර දැක්වූවා.

ඒ, එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වෙත අද ලිපියක් යොමු කරමින්.
 

මේ අතර, රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න සිදු කළ මෙම ප‍්‍රකාශය පිළිබද ප‍්‍රතිචාර දැක්වීමට විපක්ෂය ද අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂ.